ඩිනාරා පුංචිහේවා ආසියාවේ ප්‍රබලයින් අතරට
ෆෝබ්ස් සඟරාව 09වෙනි වරට ප්‍රකාශයට පත් කළ “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත්වී තිබේ.
ඒ විනෝදාස්වාදය හා ක්‍රීඩා අංශයට විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ නායකයින් ලෙස හඳුනාගත් 300 දෙනෙකු අතරින් ය.
ෆෝබ්ස් සඟරාව, ආසියා පැසිෆික් කාලාපයේ අවධානය යොමුකළ යුතු පුද්ගලයන් “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුව මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.
කාණ්ඩ 10ක් යටතේ එම ලැයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මහත්මිය මෙම ලැයිස්තුවට ඇතුළත්වී තිබේ.
ඩිනාරා චිත්‍රපට ක්ෂේත්රයට පිවිසෙන්නේ 2018 වසරේදී ඇයගේම චිත්‍රපටයක් වන “මාලා” සිනමාපටය ඔස්සේය.
එම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනයවීමත් සමඟ ඇයට ගාඩි චිත්‍රපටයට රංගනයෙන් දායක වීමටත් අවස්ථාව හිමි විය.
ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට රංග කලාව සහ රංගනය හඳුන්වා දීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතනයක් වන Punchi Actors ආයතනයේ නිර්මාතෘවරියද වෙයි.
Post Comment