දරුවන්ට ආදරේ කරන දෙමාපියන්ට ‘මන්දාරා‘
දරුවන්ට ආදරේ කරන දෙමාපියන්ට ‘මන්දාරා‘
Priyantha Colombage ගෙ චිත්‍රපට මම කියවන්නේ, ඉස්කෝලෙ යන කාලෙදි….! ‘අරුමෝසම් වැහි‘ කියල විශිෂ්ට චිත්‍රපටයක් ඔහු නිර්මාණය කරනවා. අදටත් ‘හඳයා‘, ‘අරුමෝසම් වැහි‘ ‘හෝ ගානා පොකුණ‘ මට ලංකාවේ දැකපු හොඳම ළමා චිත්‍රපට තුනක්…
එතනින් පස්සේ කොළඹගේ මහත්තයා වාණිජ සිනමාවට එනවා. අපේ රටේ කලාත්මක, පස්වැනි මණ්ඩලයේ , වියලි කලාපයේ, වාණිජ, කසිකබල් ආදී ශානර රාශියකට සිනමාව බෙදල තියෙනවා. එතනින් පස්සෙ ඔහු සාර්ථක වෙන්නේ වාණිජ සිනමා ධාරාවෙ. ඔහු ලස්සන චිත්‍රපට දෙකක් හදනවා. හිට් වෙනවා.
‘ආදරණීය කතාවක්‘ වෙනුවෙන් අපිට වතාවක් උසාවියේ පෙනී ඉන්නත් සිද්ධ වෙනවා. ඒ වෙලාවෙ අපි පෙනී ඉන්නේ නිර්මාණකරුවාගේ අයිතිය සුරකින්න. අදටත් ඒ දැවැන්ත ෆයිල් මගේ මේසෙ උඩ තියෙනවා.
කොහොමහරි ඊයේ පෙරේදා දවසක මම ‘මන්දාරා‘ බලනවා. ඔහුගේ චිත්‍රපට ඇරුණම ‘සකූගේ කතාව‘ මට කීප විටක් මතක් වුණේ අධ්‍යක්ෂවරයාට දරු දැරියන් කොච්චරටම නිර්මාණ වලට බලපානවාද කියන එකට..
‘මන්දාරා‘ ඔහුගේ අනෙකුත් කෘති වගේම බලාගෙන ඉන්න පුලුවන් හොඳ චිත්‍රපටයක්. කැමරාකරණය ගැන කිව්වොත් රුවන් කොස්තා කියන විශිෂ්ට කැමරාවේදියා මේකෙ පින්තූර කතාකරවල තියෙනවා. සමහර සීන් වල ෆ්‍රේම් පුදුමාකාර ලස්සනයි. බයිස්කෝප් එකක් ලස්සන වෙන්නේ ලස්සන පින්තූර වලින්… කැමරාව අවුල් නං එතනින්ම වැඩේ අහවර වෙනවා…
ඊට පස්සේ හිතගියේ කලර් ග්‍රේඩිං. මේවා ගැන මම ටිකක් ඉගෙනගෙන තියෙනවා. හොලිවුඩයේ වගේ හොඳ චිත්‍රපටවල සිනමැටෝග්‍රැෆි, කලර්ග්‍රේඩිං කරන්නේ ASC කාරයො වගේ ආයතනික නාමධාරීන්. ඒ කිව්වේ සිනමා වෘත්තියවේදීන් සංගම් ඇමරිකාවෙ. ඒ අය තමා අයිඩියල් මිනිස්සු. මම ලංකාවේ පළමු වතාවට ICA කාරයෙක් කලර් ග්‍රේඩ් කරල තියෙනවා දැක්කා. එහෙම කරාම චිත්‍රපටයකට ලොකු ආලෝකයක්. මේඝ කාවින්ද මොනව වුණත් අනාගත සම්පතක්…
චිත්‍රපටයේ කතාව සරලයි. මහලොකු සෙල්ලමක් නෑ.. අනුමාන කරන්නත් පුලුවන්. නමුත් චරිත ගොඩනැගීම සහ පිටපත සාමාන්‍ය දකිනවාට වඩා වෙනස්. ක්ෂණිකව ස්ථාන මාරුවෙන, එකවරම සිදුවීම් පොළාපනින වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරල තිබුණා…
කතාව අනුව ධනවත් පවුලක අවසන් උරුමකරු වෙන දැරියක් ගෙදරින් පැනල යනවා. ඒ දැරිය හොයාගෙන බූදලය ලබාගන්න යන කතාව තමයි මේකෙ විස්තර වෙන්නේ ඒකෙ
ලස්සනම ටික රඟපෑම්!
බිමල් ජයකොඩි මට නිකං ආසියාවේ සේතුපති, හොලිවුඩයේ වොෂිංන්ටන් මට්ටමට දැනෙන ඉහළ රඟපෑමක් කරනවා. දෙමළ ඌරුවට කරන ඒ රගපෑම බොහෝවිට යම් උලෙළක ඇගයීමට ලක්වෙන බවට විශ්වාසයක් තියෙනවා. බිමල් කියන්නේ වෙනම රංගන කෝෂ්ඨාගාරයක්..ඔහුට ඉතා පහසුවෙන් වීරයෙක්, තක්කඩියෙක්, මැරයෙක් වගේම පෙම්වතෙක් වෙන්නත් පුළුවන්..
මේඝ සූරියආරච්චි කියන්නේ හොඳ අධ්‍යක්ෂවරු අතට ගියොත් නිසැකවම හේමාල් රණසිංහ එක්ක හොඳ පාට්නර්ෂිප් එකක් ගෙනියන්න පුළුවන් නළුවෙක්. ඒකට ටික කාලයක් යාවි. නමුත් ඔහුට ඊට අවශ්‍ය ප්‍රතිභාව තියෙනවා.
චූලක්ෂි කියන්නේ සරාගී චරිත කරපු නිළියක්. ඇයටත් හොඳට රඟපාන්න පුළුවන් එක දිගට හොඳ අධ්‍යක්ෂවරු යටතේ රඟපෑම් කළොත්. චූලක්ෂි අපේ ගම්පළාතේ නිළියක්. ඇය හැර ඇගේ පවුල් පරම්පරාවේ බොහෝ දෙනා සමීපව ඇසුරු කරල තියෙන නිසා දීර්ඝ සිනමා උරුමයක් තියෙන කෙනෙක්. ඇගේ මහප්පා ජයවර්ධන රණතුංග තමයි වේයන්ගොඩ ‘රිදී සේයා චිත්‍රපට‘ සමාගම පවත්වාගෙන ගියේ. ‘සහෝදරියකගේ කතාව‘, ‘ගේ කුරුල්ලෝ‘ වගේ චිත්‍රපට එයින් නිෂ්පාදනය වුණා. ඒ නිසා ඇය පරපුරේ උරුමය ගෙනියන්න හොඳ හැදෑරීමක් එක්ක යනව නං වටිනවා.
අනෙකුත් චරිත සියල්ලම රඟපෑවේ ප්‍රවීණ අය. ඒ අය ගැන කතාකරන්න දෙයක් නෑ. සංගීතය කතාවට හොඳට ගලපල තිබුණා. වේලෙන ෆිල්ම් හෝල් වලට මිනිස්සු ඇදෙන්න ඉඩ තියෙන චිත්‍රපටයක් විදියට මම හිතනවා. සංස්කරණයත් සෑහෙන හොඳ මට්ටමේ තිබුණා.
මිනිස්සුන්ට නොතේරෙන හෝ බහුබූත කතන්දර සිනමාව කියල ගෙනත් අතඇරපු අධ්‍යක්ෂවරු කීප දෙනෙක් නිසා තමා මිනිස්සුන්ට චිත්‍රපට එපාවුණේ. 70 දි කරපු ඒ වැඩ නිසා එතනින් එහා සිනමාව වළපල්ලට ගියා. ඒ නිසා මිනිස්සුන්ට ඇවිල්ලා ඔළුව නිදහස් කරගෙන බලන්න පුළුවන් චිත්‍රපට හැදෙන්න ඕනි. මසාලා තමා රහ. වැටිච්ච සිනමාව ගොඩගන්න මේ තව මේ වගේ ගොඩක් ඕනි. මෙහෙම එකක් දෙකක් අවාරෙට පොල් වැටෙනව වගේ ඇවිත් බෑ.. මොන චෝදනා තිබ්බත් ආචාර්ය සෝමරත්න, මහාචාර්ය සුනිල් වගේ අයගේ බයිස්කෝපුත් මේ සිනමාවෙ තියෙන්න ඕනි.
මේ චිත්‍රපටයේ මම දැකපු අඩුපාඩු ටිකකුත් තිබුණා. ඒවා එතරම් තැකිය හැකි ඒවා විදියට හිතන්නෑ. නමුත් අඛණ්ඩතාව ගැන මීට වඩා සැලකිල්ල දක්වන්න සංස්කරණයේදී කටයුතු කරානම් මේකෙ හොඳ පන්ච් එකක් ගන්න තිබුණා කියල මම හිතනවා.
Post Comment