මේකා මගෙ ගෝලයෙක්
දොස්තරලා ඉංජිනේරුවො සහ එහෙම උනු තවත් හැකියා ඇති පුත්තු ( පුතාලා දූලා) ගැන මම කලින් ලියලා තියෙනවා.
මේ වෙනස් කතාවක්,,,
2024 Mr.World Sri Lanka,,,,
2015 උසස් පෙළට මගෙන් physics ඉගෙන ගන්න ආපු DS එකේ ලස්සන කොළු පැටියා..
ඒ ඇස් දෙක එදත් අපට කවියක්,,,2014/2015 DS කොල්ලො ගොඩකට මම ඉගන්නුවා.මනුජ,සුදාර,ඩිලාන්,දීලක,ලූකා,ඕෂධ,සචින්,ධනංජය බණ්ඩාර,සමීර ,රවිඳු,උමේෂ් ඇතුළු තව පැටව් හත් අට දෙනෙකුට ඉගැන්නුවා ඒ batch එකේ….විහඟ ඉන් එක්කෙනෙක්.
ඒ කාලෙත් නළුවා කියලා අපි විහිළු කළේ.හැමදාමත් Megha Sooriyaarachchi පින්තූරයක් දැක්කම මේකා මගෙ ගෝලයෙක් කියලා ළඟ ඉන්න කාට හරි පෙන්නන එක මගෙ පුරුද්ද..
උසස් පෙළ විද්‍යා විෂයන් හදාරලා , එයා තෝරගත්තෙ වෙනස් පාරක්.ඒ පාරෙ ඔහු අද උසම තැනකට ළං වෙලා.ඉතිරි ටිකත් එයා හරි ලස්සනට යාවි…ඒ ඇස් දෙකේ ලස්සනට ඇතුළින් පේන ඉලක්ක සහගත බව අපූරුයි..
Post Comment