මන්දාරා
ආදරණීය කතාවක් සහ දේදුණූ ආකසේ කියන්නේ මෑතකාලීනව ප්‍රේක්ෂක ආකර්ෂණය නොමදව ලබාගත්ත වානිජ චිත්‍රපට යුගලයක්. ඒ නිර්මාණ දෙකේම නිර්මාණකරුවා වන්නේ ප්‍රියන්ත කොළඹගේ මහතා. වසර හතකින් අනතුරුව ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ තිරගත වන නවතම චිත්‍රපටය වන්නේ “මන්දාරා” සිංහල චිත්‍රපටය ත්‍රාසය මුසුවූ drama ශානරයේ චිත්‍රපටයක් . පෞද්ගලිකව මම චිත්‍රපටයේ අගය කරන දෙයක් තමා නිර්මාණකරුවෙක් විදියට ප්‍රියන්ත කොළඹගේ විසින් තමන් හුරුවෙලා හිටපු comfort zone එක ටික ටික මේකෙන් break කරන්න හදපු උත්සාහය. මීට ප්‍රථම කරපු චිත්‍රපට දෙකටම වඩා මේකේ story range එක ලොකු පරාසයට විහිදී ලා තිබ්බා සහ non linear narrative style එකෙන් convincing උත්සාහයක් දරලා තිබ්බා.අනෙක් කාරණයක් තමා චිත්‍රපටයේ වයලන්ස් ෆිල්ටර් නොකර පෙන්වීම . සාමාන්‍යයෙන් ලංකාවේ ෆැමිලි ඕඩියන්ස් එකකට ටාගට් කරන වැඩවල අඩුවෙන්ම දකින්න ලැබෙන දෙයක් ඒක.
රංගනය පැත්තෙන් බැලුවොත් ෆිල්ම් එකේ engaging සහ plus point එක තමා බිමල් ජයකොඩි රඟන “භාරත” චරිතය . බිමල් ජයකොඩි ගෙන් දැක්ක වෙනස්ම චරිතයක් වගේම නැවුම් හැඩයක චරිත නිරූපණයක් කියලා කියන්න පුළුවන් විදියේ වැඩක්. චරිතය නිර්මාණය කිරීමේ ඉදන් එම චරිතය ගොඩනැංවීම වෙනකං මෑතකදී සිංහල චිත්‍රපටයක දැක්ක stylish ම දුෂ්ඨ චරිතය විදියට මේ චරිතේ හදුන්වලා දෙන්න පුළුවන්.
මෙම චිත්‍රපටය හරහා මේඝ සූරියආරච්චි ගේ හදුන්වා දීම එක අතකින් ලංකාවේ වානිජ සිනමාවට කරපු බලාපොරොත්තු තබා ගත හැකි ආයෝජනයක් . මේ චිත්‍රපටය මෙම වසරේ තිරගත වූවත් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ මීට වසර පහකට විතර කලින් ඒ වෙනකොට මේඝ කියන්නේ අතිශය නවක නලුවෙක් සහ ඔහුගේ රංගනයේ ප්‍රගතිය ගැන බලනවා නං “නන්නත්තාර” ටෙලිනාට්‍ය උදාහරණයකට ගන්න එක තමා ඔහුට කරන සාධාරණය. මොකද ඔහු නවකයෙක් රංගනයට තිබ්බ පලවෙනි අඩියෙන්ම “බ්රැන්ඩෝ ලෙවල් “එකක් එන්නෑ යම් ප්රශස්ත මට්ටමකට එන්න කාලයත් සමඟ හොඳ නිර්මාණත් අවශ්‍යයි . මෙම චිත්‍රපටයේ මේඝ ගේ රංගනය okay නමුත් ඔහු තව උත්සාහ කරොත් තව දියුණු කරගන්න පුළුවන් කියන ජජ්මන්ට් එකේ තමා මම ඉන්නේ . ඔහුගේ ඊළඟ චිත්‍රපටය වෙන ප්‍රියන්ත කොළඹගේ මහතාගේම “සූරිය සුළඟ ” තිරගතවෙන තෙක් බලන් ඉන්න වෙනවා improvements කොහොමද කියලා බලාගන්න .
චුලක්ෂි රණතුංග නවකයන් අතරින් අත්දැකීම් තියෙන රංගන ශිල්පිනියක් glamourous වෙනවට වඩා හරි චරිත තෝරාගැනීම වැදගත් කියලා පෙන්නන විදිහේ character selection එකක් විදියට මේ චරිතේ දක්වන්න පුළුවන් . Versatility කියන දේ ට්‍රයි කරන්න හදනවා කියලා පේනවා ඒක හොඳ දෙයක් රංගන ශිල්පිනියක් හැටියට හැබැයි character convincing level එක තව දියුණු කරගන්න අවශ්‍යයි කියන එක මගේ පෞද්ගලික මතය.
වානිජ චිත්‍රපටයක් විදියට මේ ප්‍රඩක්ට් එක ඇසට ප්‍රියයි, ආකර්ෂණීයයි ඒ ආකර්ෂණීයත්වය තවත් solid කරගන්න තිබ්බ සංගීතය කියන element එක මිස් වෙලාද කියලා තේරුනා ෆිල්ම් එක බලද්දී . ආදරණීය කතාවක් සහ දේදුණූ ආකාසේ කියන චිත්‍රපට දෙකේම attraction point එක සංගීතය . ඒ චිත්‍රපට දෙකම අතිශය ජනප්‍රිය වෙන්න ඒ ගීත ඉවහල් උනා .මන්දාරා ඒ අංශයෙන් යම් පසුබෑමක ඉන්නවද කියන එක පෙනෙන කාරණයක් .
කොහොම නමුත් ප්‍රේක්ෂකයා ඉලක්ක කරලා චිත්‍රපට කරන අධ්‍යක්ෂකවරු තමන්ගේ comfort zones කඩලා කරන අත්හදා බැලීම් වලට කැමතියි . ඉතිං මේ අත්හදා බැලීම හොඳයි ද නරකයිද කියලා බලලම ප්‍රේක්ෂක ඔබම තීරණය කරන්න .
Post Comment