ෆැමිලි ඕඩියන්ස් එක ටාගට් කරගෙන සරල සංවේදී කතාවක්
මන්දාරා
ලංකාවේ සිනමාවෙ ආදර කතා ශානරයේ මතක හිටින චිත්රපට දෙකක් දීපු ප්රියන්ත කොළඹගේ අධ්යක්ෂකවරයාගේ තිරගතවන අලුත්ම සිනමා නිර්මාණ මන්දාරා. කලින් චිත්රපට වගේම ඔහු මේ සිනමා පටයත් හොඳ Theateral Experience දෙන්න වගේම කම්මැලී නැති පැය දෙකයි විනාඩි 15ක් නිර්මාණය කරලා දෙනවා. චිත්රපටය ගැන කියන්න ඕනෙම කාරනේ ඒක. ෆැමිලි ඕඩියන්ස් එක ටාගට් කරගෙන සරල සංවේදී කතාවක් නිමවන ගමන්ම තරුණ ඕඩියන්ස් එකත් බැලන්ස් කරන්න පුලුවන් උපක්රම, චරිත ඔහු මේ තුලින් ගේනවා.
ෆිල්ම් එකක වැදගත් ම දේ රූපනෙ.ලස්සන රූපවලට තමයි මිනිස්සුන්ගෙත් ඇහැ යන්නෙ. අන්න ඒ ගැන දන්න කැමරාකරු තමන්ට ගන්න පුලුවන් හොඳ ම රූප චිත්රපටය වෙනුවෙන් ගන්නවා. මේ ෆිල්ම් එකෙත් ඒ ඇහැට ප්රියමනාප වගේම සමහර අවස්ථාවල චිත්රපටයෙ ඒ ඒ චරිත වඩාත් දනවන්න පුලුවන් විදිහෙ ශොට්ස් මේකෙ තියෙනවා. රුවන් කොස්තා තමන්ගෙ වැඩේ හොඳ ට ගොඩදාල කියලා ඒකෙන් කියන්න පුලුවන්. ඒ වගේම චිත්රපටයේ වර්ණ සංයෝජන සහ සංස්කරණයත් අලුත් හැඩේකට කරලා තියෙනවා.
රංගනය පැත්ත ගැන කතා කලොත් ෆිල්ම් එකේ Power house එක වෙන්නෙ බිමල් ජයකොඩිගෙ දුශ්ඨ චරිතය – (භාරත). ප්රතිවීරා උනාට මොකෝ ෆිල්ම් එකේ මුල ඉඳන් අගටම ඔහු තමයි Run කරන්නෙ.එතන්දි ඔහුගෙ Acting skill වගේම Looks දෙකම එක්ක මදීයි කියලා දැනෙන්නැති දුශ්ඨත්වයක් මවනවා. ෆිල්ම් එකේ භාරතගෙ entry scenes , Punch Dialogs එක්ක චිත්රපටයේ මතක හිටින ම චරිතය ඔහු කරවනවා.
ඒවගේම මේඝ, සිනමාවෙ අලුත් ම තරුව, ඔහුත් ඔහුගෙ චරිතයට සාධාරණයක් කරනවා.මේඝ සිනමාවට ඔබින තියුණු රූපයක් තියෙන නලුවෙක් කියනෙක මන්දාරා ෆිල්ම් එක පුරාම පේනවා.ඒ වගේම ඔහු ඔහුගෙ performance තවත් වැඩි දියුණු කරගනිමින් සිනමාවෙ දිගටම රැදේවි කියලත් හිතනවා. මේඝගෙ පෙම්වතිය ලෙස එක්වෙන්නෙ චුලක්ෂි රණතුංග.ෆිල්ම් එකේ කොටසක ඇය ගර්භණී සමයක් ගෙවන කාන්තාවක්. ඒ අවධියේ අපහසුතා නිරූපණය කරන්න ඇය හොඳ උත්සහයක් අරගෙන තිබ්බා.පසුගිය කාලෙ චුලක්ෂි තිරය බෙදාගත් නලුවන් අතර මේඝ – චුලක්ෂි හොඳ සුසංයෝගයක් විදිහයට දක්වන්නත් පුලුවන්.
යශෝරා ලෙස චරිත නිරූපණය කරන ළමා නිලියත් අපි දේදුණු ආකාසෙ චිත්රපටයෙ දැක්කා.මන්දාරා ෆිල්ම් එකට එද්දි ඇගේ රංගනයෙ ලොකු දියුණුවක් ලබලා තියෙනවා කියලා කියන්න පුලුවන්. ප්රේක්ෂකයන් සංවේදී කරනව චරිතය වෙන්න ඇය.
සහය චරිත වලින් එක්වන චානුක ප්රබුද්ධ වගේම දිනක්ශිත් ඔවුන්ගේ අඩු තිර කාලතුල චරිතවලට සාධාරණයක් කරනවා. සේමිනී කරන මුඩුක්කු පරිසරයේ කාන්තාවගෙ චරිතයත් ඒ චරිතයේ ලක්ෂණ එක්ක ප්රේක්ෂකයන්ට මතක හිටින විදිහේ චරිතයක් කරවන්න ඇය සමත් වෙනවා.
ප්රියන්ත කොළඹගේගෙ අනිත් ෆිල්ම් වලට සාපේක්ෂව මේ ෆිල්ම් එකේ සිංදු ඇල්බම් එක එච්චර ම මතක හිටින ජාතියෙ එකක් නෙවෙයි යන්නයි මගේ අදහස.
චිත්රපටයේ ප්රධානම පිරිමි චරිත දෙක විදිහට කැපීපෙනෙන භාරත වගේම විශ්වත් දේපල,මිල මුදල් වගේ භෞතික ලඟා කරගැනීම් කොච්චර කරලා තිබ්බත් ජීවිතයේදී පරාජිත චරිත ලෙස තමයි පෙන්නන්නෙ. භාරතගෙ තියෙන අධිමානය කෝපය විශ්ව තුලත් දකින්න ලැබෙනවා. චිත්රපටයෙ සියුම්ව පෙන්වන අතීත සිද්ධි එක්ක ඔවුන් ඒ තත්වන්ට පත් කරපු වාතාවරණය මොනවද කියලා අපිට බලාගන්න පුලුවන්. සමාජයට වෛර කරන චරිතවල වෛරයේ මූල බීජ පැල කරන තැන වෙන්නෙත් කුඩා කල තමන්ගෙම නිවස නම් ඒක කොච්චර අවාසනාවක්ද කියන කාරණේ මේ ෆිල්ම් එකෙන් පෙන්නනවා. චිත්රපටය අවසන් වෙන්නෙ දෙවැනි කොටසකට උනත් පාර කැපෙන ගමන්මයි.
හෝල් එකකින් බැලුවට පාඩු නැති ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන්.
7/10 Subhashitha Lakmina
Post Comment