Sihina Sameekarana | සිහිණ සමීකරණ ලගදීම
තාරුණ්‍යයේ අපි කියන්නෙ ළමාවිය ඉස්මත්තෙන් පස්සේ, අපේම බලාපොරොත්තු පොදි බැඳගත් අලුත් ලෝකයකට අඩිය තියන්න බලාගෙන ඉන්න පිරිස.
ඇත්තෙන්ම ඒ බලාපොරොත්තු, අති පුද්ගලික සුන්දර හීනවලින් වගේම ලස්සන රටක්-ලෝකයක් වෙනුවෙන් හිත් ඇතුලේ පොදි ගැහුණු හීනවලිනුත් පිරිලා තියෙන්නේ.
හැබැයි කාලයක් තිස්සෙ උපන් ගෙයිම මිය යන ඒ හීන ජයගන්න සටන් කර කර හිටපු අපිට, පහු ගිය කාලේ ඒ හීන හැබෑ නොවන හීනයක්ම වෙන අත්දැකීම විඳගන්න වෙයි කියලා අපි කවුරුවත් හිතුවෙ නෑ.
රටක් විදියට අපිට හීන කෙසේ වෙතත්, මූලික ජීවත්වීමේ තත්ත්වයවත් පවත්වා ගන්න බැරි උනා. අපේ හීන වල කොටස්කාරීත්වයක් දරපු අපෙ අම්මලා, තාත්තලා වියැකෙමින් යන අපේ හීන දැකලා හූල්ලනවා අපි දැක්කා.
අපි කියන්නේ සමස්ත තාරුණ්‍යයේම සිහින අපිටම බරක් වෙන තත්ත්වයකට තමයි අපි මේ මුහුණ දෙමින් ඉන්නේ. ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, අපේ අධ්‍යාපන ප්‍රශ්න, අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය වගේ ප්‍රශ්න; එකී නොකී ප්‍රශ්න සම්භාරයක්.
අපි ඉගෙන ගත්තු ගණිත විෂයෙන්ම කියනවා නම්, අපේ සිහින විසඳගන්න අමාරු සමීකරණයක් වගේ පටලැවිල්ලක් වෙලා අපේ ඔළු ඇතුලේම කරකැවෙමින් තියෙන්නේ.
කවුරුත් කතා නොකරට මේක කතා කරන්න ඕන ප්‍රශ්නයක්. පුපුරලා යන්න කළින් කතා කළ යුතුම ප්‍රශ්නයක්. එන්න අපි කතා කරමු.
කවුරුත් කතා නොකරට මේක කතා කරන්න ඕන ප්‍රශ්නයක්. පුපුරලා යන්න කළින් කතා කළ යුතුම ප්‍රශ්නයක්. එන්න අපි කතා කරමු.
මහාචාර්ය චරිත් ජයතිලක, දම්මික ගීකියනගේ කුළුඳුල් නිෂ්පාදනය. රංගනය – සජිත ඇන්තනි, කසුනි කාවින්දි,රන්දික ගුණතිලක, අෂාන් ඩයස්,පූජන දන්දෙනිය, රෙබෙකා දිල් රුක්ශි, වසන්ත විට්ටච්චි ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක්
සිහිණ සමීකරණ ලගදීම
Post Comment