×

1970 ලව් ස්ටෝරි සිංහල චිත්රපටය දිවයින පුරා සිනමාහල් වලදී

1970 ලව් ස්ටෝරි සිංහල චිත්රපටය දිවයින පුරා සිනමාහල් වලදී

මේ චිත්‍රපටිය මං බලපු සිංහල චිත්‍රපට අතර වෙනස්ම විදිහෙ චිත්‍රපටියක්. ලංකාවෙ horror කියන genre එකේ චිත්‍රපටි හැදෙනවා අඩුයි.. මේ චිත්‍රපටිය නැරඹුවොත් horror, thriller, romance, action, comedy වගේ විවිධ genresවලින් mix feeling එකක් ගන්න පුළුවන්.

මේකෙ විශේෂම දේ වෙන්නෙ ඒ ඒ චරිතවලට ගැළපෙනම නළු නිළියන් තෝරාගෙන තියෙන එක.. හේමාල්, ගම්‍යා, අශාන්, බිමල්, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල වගේ චිත්‍රපටයක ජීවය රඳවාගන්න පුළුවන් රංගන ශිල්පීන් සමූහයක් මේ චිත්‍රපටයට ඇතුළත්..

චිත්‍රපටයේ වස්තුබීජය වෙන්නෙ කන්ද උඩරට බංගලාවක සිදු වූ අභිරහස් මරණයක් ගැන. ඒ මරණයට සම්බන්ධ කතාව අලුත් අධ්‍යක්ෂවරයෙක් තිර පිටපතකට තෝරාගෙන, ඒක රූගත කරද්දි මුහුණ දෙන්න සිදු වුණු විවිධ අත්භූත, හාස්‍යජනක අත්දැකීම් ගැන මෙ චිත්‍රපටයේ දකින්න පුළුවන්.

චිත්‍රපටය ආරම්භ කරන්නෙම අධ්‍යක්ෂවරයා තම නළු නිළියන් සමඟ කරන සාකච්ඡාවකින්.. ඒ රූප රාමුවේ අධ්‍යක්ෂවරයාගේ සියුම් හාස්‍යජනක හැසිරීමත්, කණ්ඩායමේ පිරිසගේ හැසිරීමත් අනුව චිත්‍රපටයේ ගලා යාම ගැන ‍යම් අදහසක් ගන්න පුළුවන්. සුන්දර පරිසරයක් තුළ තිරගත කරන මේ චිත්‍රපටය පුරාම ප්‍රධාන චරිත කීපයක්ම දකින්න පුළුවන්.. ඒ අතර හේමාල්-ගම්‍යා ප්‍රධානයි.. රවීන් හා රෝසි විදිහට රූගත කරන චිත්‍රපටියේ ප්‍රධාන චරිත කරන්නෙ ඔවුන්. ඩෙරික් විදිහට අශාන්, villain ගෙ චරිතය රඟපානවා.. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ මහේන්ද්‍ර පෙරේරා.. ඒ වගේම බිමල්-සඳනි, දිනෙත් සත්‍ය කතාවෙ චරිත විදිහට අපට හමුවෙනවා.. මේ අය රූපගත කිරීම් කිරීමට තෝරාගන්නෙ අභිරහස් මරණය වුණු බංගලාවයි. බංගලාවට ගිය දවසෙ ඉඳන් එක් එක් අයට වෙන් වෙන්ව විවිධ අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වෙනවා.. කුතුහලය ඇතිවෙන සිද්ධීන් වගේම හාස්‍යජනක සිද්ධීන් ලෙසත් ඒ සිද්ධීන් අපූරුවට නිරූපණය වෙනවා.

70 දශකයේ රූප රාමු තිබුණත්, මේ කතාව හරිම නැවුම්. අවසානය වෙනකන් කුතුහලය රඳවා තබාගන්න පුළුවන් කතාවක්.. මොහොතින් මොහොත වෙනස් වෙන සිද්ධීන් ඇතුළෙ ඒ ඒ චරිතවලට අවශ්‍ය ජීවය වගේම ජවය ලබාදෙන්න මේ රංගන ශිල්පීන් දරපු උත්සාහය සාර්ථකයි කියලා කියන්න පුළුවන්..

මෙහි කැපී පෙනෙනම චරිතය වෙන්නෙ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන මහේන්ද්‍ර පෙරේරාගෙ චරිතය. චරිතය පුරාවට සියුම් හාස්‍යක් මතු කරන අතර යම් යම් ගැඹුරු කරුණු පවා ඉතා සියුම්ව ප්‍රේක්ෂකයන් වෙත ස්පර්ශ කරනවා. ඔහුගේ ප්‍රවීණත්වය වගේම දක්ෂතාවය ගැන විවාදයක් නෑ. චරිතය තුළ එක් එක් අවස්ථාවන්ට උචිත හඬවල්, ඉංගිතයන් යොදාගෙන තියන විදිහට එය හොඳින්ම පෙනෙනවා. අධ්‍යක්ෂවරයෙක් නිසා යටපත් කරගෙන සිටින සමහර හැඟීම් මතුවන අවස්ථාවලදි, ක්ෂණයෙන් චරිතය වෙනස් වී සම්පූර්ණයෙන් කනපිටට පෙරළා වෙනස් ආකාරයකින් නිරූපණය කරන විට ඔහුගේ හැකියාව කොතරම් ද කියලා තහවුරු වෙනවා.

චිත්‍රපටියේ ප්‍රධාන නිළිය “රෝසි”. රෝසි ගැන නම් කතා නොකරම බෑ. ප්‍රේක්ෂකයෙක් විදිහට ගම්‍යාගෙ රංගනය ගැන ධනාත්මක හැඟීමක් මට තියෙනවා කියලා සඳහන් කරන්න ඕනෙ. ඇයගේ භාව ප්‍රකාශනය ඉතා ඉහළ මට්ටමක රැඳෙනවා. විටෙක ආදරණීය චරිතයක් වගේම බිහිසුණු චරිතයක් ලෙස එකිනෙකට වෙනස් වූ ස්වරූපයන් දෙකක් ඇය මෙහිදී නිරූපණය කරනවා. එහිදි හඬ වගේම ඉරියව් ඇය හොඳින් හසුරුවනවා. රෝසීගෙ චරිතය තුළ ඇයගේ හැසිරීම ප්‍රශංසනීයයි..

“රවීන්” කියන්නෙ චිත්‍රපටියේ වගේම සැබෑ ජීවිතේදිත් රෝසිට පෙම් බඳින තරුණයෙක්. ඒ චරිතයට පණ දෙන්නෙ හේමාල් රණසිංහ. ඔහු ගැන අටුවා, ටීකා, ටිප්පනි අවශ්‍ය නෑ.. ලැබෙන හැම චරිතයකටම තම උපරිම දායකත්වය ලබාදෙන ඔහු මෙහි නිරූපණය කරන්නෙ තම කුළුඳුල් චිත්‍රපටියේ උමතුවෙන් රඟපාන ප්‍රධාන නළුවාගෙ චරිතයයි. 70 දශකයේ තරුණයෙකුට අවශ්‍ය රූපය, ජවය, උමතුව හැමදේම ඔහුගේ රංගනය වගේම හැඟීම් ප්‍රකාශනයෙන් හොඳින් නිරූපණය වෙනවා.. ඔහුට එතරම් සංවාද නැති වූවත්, ඔහුගේ දක්ෂතාවයන් සියල්ලම පාහේ ස්පර්ශ කරන චරිතයක් ලෙස නම් කරන්න පුළුවන්.. ඔහුගේ සුපුරුදු ජවසම්පන්න නර්ථනයෙන් ගීතවල ආකර්ෂණීය බව තව තවත් ඉස්මතු වෙනවා වගේම සටන් කලාව ගැන ඔහු සතුව ඇති අවබෝධය නිසා ඒ දර්ශන සියල්ල ඉතාම තාත්විකව දකින්න පුළුවන්. මෙතෙක් දුටු ඔහුගේ චරිතවලින් වෙනස් වූ චරිතයක් මේ..

“විජයබා කොල්ලය” චිත්‍රපටයෙන් පසුව “අශාන් – හේමාල්” කියන screen එකට සුදුසුම duo එක අපිට දකින්න ලැබෙන්නෙ 1970 love story හරහා. චිත්‍රපටය ඇතුළේ අශාන් හේමාල්ගෙ දුෂ්ටයා විදිහට රඟපෑවත්, ඇතැම් දර්ශනවලදි (විශේෂයෙන් action scenesවලදි) ඔවුන් දෙන්නාගෙ තිබුණු chemistry එක ගොඩක් powerful කියලා කියන්න පුළුවන්.. අශාන් කියන්නෙ තවමත් වැඩිපුර අධ්‍යක්ෂවරුන්ගේ ඇසට හසු නොවුණු දක්ෂ රංග පෞරුෂයක්.. මේ චරිතයේ ඔහුගේ භාව ප්‍රකාශනය, කතා විලාසය වගේම උපහාසාත්මක අවස්ථා නිරූපණය ඉහළයි.. ඩෙරික්ගෙ චරිතයට ඔහු උපරිම සාධාරණය කරලා තියනවා..

ඒ වගේම සඳනිගෙ රංගනය ගැනත් කතා කරන්නම ඕනේ. ඇය කරන්නෙ නිහඬ හැඟීම් රංගනයක්.. ඇයගේ පළමු චිත්‍රපට රංගනයෙන්ම ඒ චරිතයට හොඳ සාධාරණයක් කරලා තියන බව චිත්‍රපටය බලන ඕනෙම කෙනෙකුට පෙනෙනවා. දිනෙත් ඔහුට ලැබුණු සුළු ධාවන කාලයෙන් චරිතයට උපරිමයක් දෙන්න උත්සහ කරනවා. බිමල් ජයකොඩි, සරත් කොතලාවල, ලසන්ත උඩුකුඹුර ඔවුන්ගේ සුපුරුදු දක්ෂතාවයෙන් චිත්‍රපටය තවත් වර්ණවත් කරනවා. නම් කී නොකී සුළු චරිතවලට පවා රංගනයෙන් දායකවෙන සියලුම රංගන ශිල්පීන් තම දායකත්වය උපරිමෙන් ලබා දීලා තියන බව පෙනෙනවා.

චිත්‍රපටියේ අවසාන දර්ශනය තෙක් කුතුහලය රඳවාගන්නට පිටපත් රචකයා හා අධ්‍යක්ෂවරයා සමත් වෙන අතරම එම දර්ශනයෙන් පසු ප්‍රේක්ෂකයාට තිබූ ගැටලුව විසඳෙන්න හේතු සැපයෙනවා. සම්මානිත අරුණ ජයවර්ධනයන්ගේ අධ්‍යක්ෂණයක් වන 1970 Love Story චිත්‍රපටය පවුලේ සැමට බලා රසවිඳින්න පුළුවන්, වෙනස්ම අර්ථකථනයක් දෙන චිත්‍රපටියක්.. ස්වතන්ත්‍ර නිර්මාණයක් හැටියට අගය කරන්න පුළුවන් නිර්මාණයක්.. සරල තේමාවක් වෙනස් ඇසකින් ප්‍රතිනිර්මාණය කිරීමට ගත් උත්සහය සාර්ථකයි කියන්න පුළුවන්..

1970 Love Story චිත්‍රපට කණ්ඩායමටම සුබ පැතුම් එකතු කරන අතරම පමා නොවී චිත්‍රපටය අදම නරඹන්න කියලත් හැමදෙනාටම ආරාධනා කරනවා.. 1f917 1970 ලව් ස්ටෝරි සිංහල චිත්රපටය දිවයින පුරා සිනමාහල් වලදී1f490 1970 ලව් ස්ටෝරි සිංහල චිත්රපටය දිවයින පුරා සිනමාහල් වලදී

-Upeksha-

Post Comment

You May Have Missed