×

අපේ ප්‍රින්සිපල්

අපේ ප්‍රින්සිපල්

සිනමා වසන්තයේ සිනමාහල් 16 කින් ආරම්භ වු , අද වන විට සිනමාහල් 48 ක තිරගත වන ” අපේ ප්‍රින්සිපල් ” චිත්‍රපටය විජයග්‍රාහි 100 වන දින මාර්තු මස 22 දින , අපේ ප්‍රින්සිපල් කණ්ඩායම සමග සැමරීමට හැකිවීම ඉතාමත් සතුටුදායක අවස්ථාවක් වන අතර මෙ සදහා අපට උරදුන් සහ සහය දුන් සියලුම දෙනාටම කන්ඩායමක් ලෙස අපගේ හදවතින්ම නැගෙන ස්තුතිය පුද කර සිටින අතර,

ඒ වගේම විශේෂයෙන්ම මණ්ඩලික ලෙස සිනමාහල් මන්ඩලයේ ප්‍රධානින් හා එහි සියලුම සේවකයින්ටත් , සිනමාහල් හිමිකරුවන් හා සේවකයින්ටත්, එයට අමතරව චිත්‍රපටය සදහා වෙළද දැන්වීම් ලබා දුන් ආයතන, සියලුම මුද්‍රණ කටයුතු හා වෙළද දැන්වීම් ප්‍රචාරණ කටයුතු සදහා සහභාගී වූ සියලු ම දෙනාටත්, ඒ වගේම සියලුම මාධ්‍ය සහෘදයන් ,විද්‍යුත් මාධ්‍ය කණ්ඩයම් හා එහි සහෝදරයන්ටත් හා විශේෂයෙන් අපේ කණ්ඩායමේ සියලුම දෙනාටත්, කාර්මික ශිල්පී සියලුම දෙනාටත් , නන් අයුරින් සහාය දුන් නිෂ්පාදකවරුන්ගේ යහළුවන් සියලුම දෙනාහටත් පාසැල් විදුහල්පතිවරුන්ටත්, චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස මාගේ හදවතින්ම ස්තුතිය පිරිනමන අතර,

මේ විජයග්‍රාහි 100 වන දිනය ඔබ සියලුමදෙනා නොසිටින්නට අපට ජයග්‍රාහනය කිරීමට නොහැකි වන අතර අවසානයේ දී මෙම චිත්‍රපටය අද දක්වා නැරඹු 115,000 කට වැඩි සංඛ්‍යාවකින් යුත් ප්‍රේක්ෂකයින් හටත් මගේ හද්‍යාංගම ස්තුතිය පිරිනම අතර තාමත් මෙම චිත්‍රපටය බලපු නැති ප්‍රේක්ෂකයින් හට විශේෂ ඉල්ලීමක් කරන අතර ඔබගේ දරුවන් සමග මෙම චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලා සිටීමී, ඔබ සියලුම දෙනාහට මාගේ හදපිරි ස්තුතිය පිරිනැමීමට කැමැත්තෙමි.

Chris Antony (Story and Director of Ape’ Principal Movie)

අපේ ප්‍රින්සිපල් ” 2024 . 03 . 27 තිර ගත වන කාල සටහන

434364452_122145835574045723_6228559864136301432_n-698x1024 අපේ ප්‍රින්සිපල්

Post Comment

You May Have Missed